Aquaman - The Movie


මෙම චිත්‍රපටය DC Comics චරිතයක්
වන Aquaman ඇසුරෙන් නිර්මණයවුණු චිත්‍රපටයක් කියන බව මේ වෙනකොටත් හුගක් දෙනෙක් දන්නවා ඇතිනේ. Warner Bros. Pictures සමාගම මගින් ලොවපුරා බෙදාහරිනු ලබන මෙය අධ්‍යක්ෂනය කරන්නේ Horror films නිර්මාණය කිරීම සඳහා වැඩි ජනප්‍රියත්වයක් ලබාසිටින අධ්‍යක්ෂක වරයෙකුවන James Wan විසින්. මේ චිත්‍රපටයේ කතාව ලියන්න මූලික වෙලා කටයුතු කර තියෙන්නෙත් සුප්‍රසිද්ධ Comic Books රචකයෙක් වෙන Geoff Johns. 

බොහෝ දෙනෙක් දන්න Game of Thrones හි කාල් ඩ්‍රොගෝගේ චරිතයෙන් හඳුනාගත් Jason Momoa මෙහි Arthur Curry එහෙමත් නැත්නම් Aquaman ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වනවා. මීට අමතරව Mera ලෙස Amber Heard , Ocean Master/Orm ලෙස Patrick Wilson Vulko ලෙස Willem Dafoe King Nereus ලෙස Dolph Lundgren Black Manta ලෙස Yahya Abdul-Mateen II  සහ Queen Atlanna එහෙමත් නැත්නම් Aqumanගේ මව ලෙස Nicole Kidman  ප්‍රධාන වශයෙන් මේ චිත්‍රපටයට රංඟන දායකත්වය ලබාදෙනවා. 
මෙය රිදී තිරයෙන් අපිට Aquaman දැකගන්න ලැබෙන 3 වෙනි අවස්ථාව ලෙසට හදුන්වන්න පුලුවන්. මීට කලින් Batman v Superman: Dawn of Justice (2016) සහ Justice League (2017) යන චිත්‍රපටවල සුළු වශයෙන් ඔහුව දැකගන්නට ලැබුනත් Aquaman අදාල ප්‍රධාන චිත්‍රපටයක් ලෙස එන පළමු නිර්මාණයයි මේ. 
මුහුද යට වෙනම ලෝකයක් නිර්මාණය කරන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට නිකුත් වෙනවාත් සමඟම බොහෝ චිත්‍රපට විචාරකයින්ගේ අදහස වන්නේ මෙම චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් වෙන බවටයි.
ඇ.ඩො මිලියන 160ක වියදමෙන් නිෂ්පාදනය කරලා තියන මේ චිත්‍රපටය 2018 දෙසැම්බර් 21 වනදා සිට ලොවපුරා තිරගත වීමට නියමිතයි.

පළමු පූර්වප්‍රචාරක පටය


දෙවන දිගු පූර්වප්‍රචාරක පටය
Previous
Next Post »