Venom - Origin


කවුද මේ වෙනම් (Venom)?

ඇමෙරිකන් Comic Books එහෙමත් නැත්තන් චිත්‍රකතා අතර  මාර්වල්(Marvel) කියන සමාගම විසින් පළ කරන ලද සුපිරි දුෂ්ඨයෙක් නැත්නම් Super-villain කෙනෙක් තමයි මේ වෙනම්(Venom).
අපි කවුරුත් දන්න ස්පයිඩමෑන්(Spider-man) කතාමාළා සමඟ සමගාමීව ඔහුගේ සාම්ප්‍රදායික රතු-නිල් ඇදුම වෙනුවට ඊට සමාන වෙනත් පිටසක්වල  ජීවී ඇදුමක් ලෙස තමයි මේ සංකල්පය මුලින්ම පළවෙලා තියෙන්නේ. ඒ 1984 වර්ෂයේ. නමුත් චරිතයක් ලෙස වෙනම්(Venom) මුලින්ම අප අතරට එන්නේ "The Amazing Spider-Man #300" කියන චිත්‍රකතා සංග්‍රහය 1988 වර්ෂයේ පළවීමත් සමගයි.

වෙනම්(Venom) කියන්නේ හරියට අම්ලයක් එහෙමත් නැතිනම් දියරයක් වැනි හැසීරීමක් ඇති, පැවැත්ම සඳහා ධාරක ජීවියෙක් අවශ්‍යවන සිම්බියෝට්(Symbiote) කියන ජාතියේ පිටසක්වල ජීවියෙක්. සාමන්‍යයෙන් ධාරක ජීවියා මනුශ්‍යයෙක් වන අවස්තා තමයි Comic Books වල අපිට බොහොවිට දැකගන්න පුලුවන් වෙන්නේ. මනුශ්‍යයෙක් සමග මේ සිම්බියෝට්(Symbiote) කියන ජීවී විශේෂය බැදුනාම ඒ සිම්බියෝට්ස්ලගේ තියන සුපිරිබලය මනුශ්‍ය ශරීරය මත වැඩිදියුණු කරගන්නවා. පිලිල ශාකයක් වෙනත් ශාකයක් සමඟ බැදෙනවා වගේ වැඩක් තමයි මෙතනදී සිද්ධවෙන්නේ.
විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි වෙනම්(Venom) කියන්නේ සිම්බියොට් ගණයේ එක් ජීවියෙක් විතරයි. Comic Books වල තවත් මෙවැනි සිම්බියොට්ස්ලා සෑහෙන පිරිසක් ඉන්නවා. 

  • කා'නෙජ්(Carnage)
  • රයට්(Riot)
  • ස්ක්‍රීම්(Scream)
  • ෆේජ්(Phage)
  • ඇගනි(Agony)
  • ටොක්සින්(Toxin)
  • හයිබ්‍රිඩ්(Hybrid)
  • කියන්නේ ඉන් කිහිපදෙනෙක්. 
සිම්බියෝට් ජීවී විශේෂය ගැන ලියනවනම් වෙනම ලිපියක් ලියන්න තරම් කරුණු තියනවා. නමුත් කතා කරන්නේ Venom ගැන නිසා සිම්බියෝට් ගැන කතාව මෙතනින් නවත්තන්නම්.

Comic Books වලට අනුව වෙනම්ගේ මුල්ම ධාරකයා(Host) වෙන්නේ Spider-man(Peter Parker). නමුත් සැබෑ කෲර ස්වභාවය ටිකෙන් ටික දැනගන්නවාත් සමඟ අවසානයේ Spider-man මේ සිම්බියෝට් ජීවියාගෙන් වෙන්වෙනවා. ඇත්තටම මේ කතාව සිද්ධවෙන විදිහ 2007 වර්ෂයේ තිරගත කෙරුනු Spider-man 3 සිනමාපටය බැලුවොත් හොඳින්ම බලාගත හැකියි. 

Spider-manගෙන් වෙන්වීමත් සමඟම මේ සිම්බියෝට් ජීවියා එඩී බ්‍රෝක්(Eddie Brock) කියන පත්තර වාර්තාකරුත් සමඟ බැඳෙනවා. මොහුව ධාරකයා කරගත්තට පස්සේ තමයි සැබෑ ලෙසම මේ වෙනම් කියන නම පටබැදෙන්නේ සහ Venom චරිතය ප්‍රසිද්ධියට පත්වෙන්නේ. වෙනම්ට කැමැත්තෙන්ම සහය දක්වපු හා වෙනම් කියන නමත් සමඟ සුප්‍රකට පුද්ගලයා එඩී බ්‍රෝක් කිව්වොත් නිවැරදියි. Spider-man කෙරෙහි එඩීගේ තිබූ වෛරයත් වෙනම්ගේ තිබූ වෛරයත් යන දෙකම නිසා Comic Books වල වෙනම් Spider-manට සෑහෙන අභියෝගයක් දෙන චරිතයක්. Spider-manගේ දුශ්ඨයන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න දුශ්ඨයා(Arch-enemy) කිව්වත් වැරදි නෑ.
තවත් කියනවනම් එඩී බ්‍රෝක් ට අමතරව තවත් සෑහෙන පිරිසක් Venom එක්ක සම්බන්ධවෙලා තියෙනවා. මැක් ගා'ගන්(Mac Gargan), ෆැලෑශ් තොම්සන්(Flash Thompson), ලී ප්‍රයිස්(Lee Price) වෙනම් එක්ක බැදුණු තවත් කිහිපදෙනෙක්.
මීට අමතරව Agent-Venom, Anti-Venom කියලා වෙනම්ගේම ප්‍රභේද කිහිපයක්ද Comic Books වල පළවෙලා තියනවා.

ඔබ දන්නවාද?
Spider-Manගේ කළු සුදු ඇදුමේ සංකල්පය(නිර්මාණය) 1982 දී මුලින්ම ඉදිරිපත් කලේ Comic-book පාඨකයෙක්(Fan කෙනෙක්) බව. නමින් Randy Schueller වන මොහුගෙන් එහිදී Marvel සමාගම එම නිර්මාණය මිලදී ගන්නේ $220ක් වැනි මුදලකටය. 
First
5 Comments
avatar

The 22 Casino locations in Maricopa, AZ, in Maricopa, AZ, United
The 22 Casino locations in Maricopa, 통영 출장마사지 AZ, in Maricopa, AZ, United States · Casinos 경상북도 출장마사지 · Bally's · BetMGM · MGM Grand · 제주도 출장샵 Red Rock Casino Resort · Mohegan Sun · 동해 출장샵 Hollywood 광주 출장마사지

Reply