Stan Lee අභාවප්‍රප්ත වෙයි.



Stan Lee,
ලේඛකයෙකු, සංස්කාරකවරයෙකු සහ Marvel Comicsහි ප්‍රකාශකවරයෙකු ලෙස ජනාදරයට පත් මේ ආදරණීය මිනිසා ඊයේ(නොවැ.12) දිනයේ උදෑසනදී ලොස් ඇන්ජලීස් නුවර Cedars-Sinai Medical Centerහිදී මෙලොව හැරගියා.මිය යනවිට ඔහුට අවුරුදු 95ක් පමණ වෙනවා.

පසුගිය වසරේ(2017) ජුලි මාසයේදී සිදුවූ 69 වසරක් ඔහුත් සමග දිවිගෙවූ
 ඔහුගේ බිරිදගේ අභාවයත් සමඟ Stan Lee බොහොම කනස්සල්ලෙන් සිටි බවයි ඔහුව ළගින් ඇසුරු කළ පුද්ගලයින් පවසා තිබෙන්නේ. 
බොහෝ දෙනෙකුගේ ළමා කාලය ලස්සන කල ඔහුගේ චිත්‍රකතා නිසාම ඇත්ත ජීවිතයේ සුපිරි වීරයෙක්(Real Life Superhero කෙනෙක්
) ලෙසද මොහුව හදුන්වනවා. 
Comics ගැන උනන්දු සෑම කෙනෙක්ම දන්නා චරිතයක් වන ඔහු හා Marvel Comics අතර තිබුනේ කඩන්න බැරි බැදීමක්. Marvel Comics අද තිබෙන තත්වයට එන්නට විශාලම දායකත්වයක් දුන් පුද්ගලයෙක් ලෙස Stan Lee නම් කරන්නට පුලුවන්.

Spider-Man, Iron Man, Black Panther, Thor, the X-Men, the Fantastic Four, the Incredible Hulk, Daredevil සහ
 Ant-Man කියන්නේ ඔහු නිර්මාණ දායකත්වය දුන් විශාල චරිත ප්‍රමාණයෙන් ඉතාමත් සුළු කොටසක් පමණයි.අප අතරින් සමුගත්තත් ඔහු නිර්මාණය කළ ඒ  චරිත මේ වන විටත් ඔහුව අප අතර සැමදා ජීවත් කරන චරිතයක් බවට පත්කරලා හමාරයි. 
Rest In Peace Stan Lee..!! 



Latest
Previous
Next Post »
3 Comments
avatar

Anthima cameo eka Venom eke neh? Farewell.. Stan lee.

Reply
avatar

Anthima Cameo eka Coming soon. "Spider-man Far: from home" or "Avengers" Next movie.

Reply